2018/03/14

ගර්භාෂයක මළගම



මිනිසෙකුගේ ශිෂ්ණයට රහත් බව ලබන්නට

සක්මන් මලුව තුල මළ කොපුවකිය මා

රසය විතරක් සොයන ඉඳුරන්ම පිනවනා
තමන්ගේ එපා කම් නො ඉතින් මුණිවත ම රකිමිනා
ඔවුනොවුන් උමතුවෙන් දෙපා යුග යදම් ලා
  
ආශාවෙ මොනර පිල් යෝනි තුල විහිදනා

"ඒව"ගේ සාපයෙන් විලිරුදා ඉතින් ලද 
අප සදා
නව මසින් බීජ හද ගැබ්බරින් 
මුද හලා. 
වැදෑමහ අඬන කළ කිරි කඳුළු 
ඉස ඉසා
ලොවට දුන් ලේ ධාතු යෙහෙන් අද 
වැජඹෙනා
තව තවත් මොනර පිල් විහිදවයි 
සැර දමා..

ඇයිද නොම විමසන්නෙ විඩා නොමැතිද  දයා
දැන් ඉතින් නොඇසුවත් මෙයයි ලොව දම සදා

ගර්භාෂ බිත්තියේ ඉරුනු තැන් ලොකු වැඩිය නොම කමා

වැදූ ගෙයි බිත්ති මත පෙකිනිවැල ගෙල ලලා
ගර්භාෂෙ මළගම් ගියා වැදාමහ සමගිනා.....


6 comments:

  1. තේරුනේ නෑ බං

    ReplyDelete
    Replies
    1. අටමෝ මෙතන කියන්නේ දරු ප්‍රසූතියකදි ගර්භාසය පිපිරිලා වැදැ මහත් සමගම ඒකත් ඉවත් කරපු බව. වැදැ මහ ගර්භාෂයේ රැ‍ෙඳේනනේ නැහැනේ. දරුවා බිහි වුනාට පිස්සේ ඒකත් ඉවත් වෙනවා. නැත්නම් ඉවත් කරනවා.
      මේ කවියේ දෙකක වැරදි. විලි රුදාව දැරිය යුතුයි කියාලා සාප කෙරේ ඒව නෙමේ දෙවියන් වහන්සේත ඒවට. තහනම් ගහේ ගෙඩි කන්න ගියාට ආදම් එක්ක.
      අනෙක ගැහැණු බබාලානේ.
      "මිනිසෙකුගේ ශිෂ්ණයට රහත් බව ලබන්නට" මිනිස්සුන්ගේ උවමනාවට විතරමද හලෝ ගැනු බඩ වෙන්නේ.

      Delete
    2. ඒකනෙ හිටං යෝනිය රහත්නොවුනත් අනාගාමීවත් වෙන්ට එපෑය හිටං

      Delete
  2. හෙන බර වැඩී වගේ මගෙ පුංචි මොලේට මේක 🧐🙏🏻

    ReplyDelete
  3. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete