2018/03/14

ගර්භාෂයක මළගම



මිනිසෙකුගේ ශිෂ්ණයට රහත් බව ලබන්නට

සක්මන් මලුව තුල මළ කොපුවකිය මා

රසය විතරක් සොයන ඉඳුරන්ම පිනවනා
තමන්ගේ එපා කම් නො ඉතින් මුණිවත ම රකිමිනා
ඔවුනොවුන් උමතුවෙන් දෙපා යුග යදම් ලා
  
ආශාවෙ මොනර පිල් යෝනි තුල විහිදනා

"ඒව"ගේ සාපයෙන් විලිරුදා ඉතින් ලද 
අප සදා
නව මසින් බීජ හද ගැබ්බරින් 
මුද හලා. 
වැදෑමහ අඬන කළ කිරි කඳුළු 
ඉස ඉසා
ලොවට දුන් ලේ ධාතු යෙහෙන් අද 
වැජඹෙනා
තව තවත් මොනර පිල් විහිදවයි 
සැර දමා..

ඇයිද නොම විමසන්නෙ විඩා නොමැතිද  දයා
දැන් ඉතින් නොඇසුවත් මෙයයි ලොව දම සදා

ගර්භාෂ බිත්තියේ ඉරුනු තැන් ලොකු වැඩිය නොම කමා

වැදූ ගෙයි බිත්ති මත පෙකිනිවැල ගෙල ලලා
ගර්භාෂෙ මළගම් ගියා වැදාමහ සමගිනා.....