2018/02/08

ඔටුවා සහ කූඩාරම




මම හැමදාමත් හිතෙනවා සහරාව වැහිල තියෙන්නේ ඔටුවන් ගෙන්ද ෆර්දාවෙන් ද කියලා.. ඇත්තට ම කියනවා නම් ඔටුවන් ගෙන් . මෙහෙ ඉන්න ඔටුවො පුදුම මැවිල්ලක්, මුහුණෙන් පේනවා අහිංසක...කාටවත්ම කරදරයක් නැති අති විශාල සත්ව කොට්ටාශයක් කියල. උන් හරිම හික්මීමකින් යුතුව තමයි ජීවත් වෙන්නේ.

උදේට ඇරියහම ඔවුන්ගේ කොටුවලින් කාන්තාර ගානේ ඇවිදලා අහුවෙන අහුවෙන කටු පඳුරු වල මල් කොළ සියල්ලම ආහාරයට ගෙන අඳුර වැටී ගෙන එද්දී තමන්ගේ කොටුව කරායන බොහොම හික්මීමක් ඇති සත්ත්ව කොට්ඨාශයක්.

මේ හික්මීම දෙවියන් වහන්සේගේ අපූර්වතම නිර්මාණයක් කියලා කියන්න පුළුවන්. හුදෙක්ම ඔවුන්ගේ මේ හික්මීම ඔවුන්ගේ ඇති නියම ස්වරූපය වසා දැම්මා කියලා හිතන්නත් පුළුවන් මේ හැම ඔටුවන්ට ම තමන්ගේම වෙච්ච පර්දාවෙන් වැහිච්ච ලස්සනට පිපුණු මල් පහක් හයක්ම තමන්ගේ කූඩාරම තුළ තියෙනවා කිව්වොත් නිවැරදි. ඒ මල් කූඩාරම් තුළම පිපිලා කූඩාරම් තුළම ඵල දරලා කූඩාරම් තුළම එකම ඔටුවෙකුට ජීවිතය පුද දීලා ලොවේ අප හැමටම හොරා මියැදිලා යනවා.

ඔටුවන් සහ ෆර්දාවෙන් වැසුණු මල් සියල්ලම එක්තරා විදිහක කෲරත්වය කින් පිරිලා තියෙන්නේ ඒ කෲරත්වය දකින්න මෙම ගිනිගෙන දැවෙන කතර පුරාවට ඔටුව පිටට නැගි ඔවුන්ගේ කූඩාරමක් තුලටම රිංගා බැලිය යුතුය. හැබැයි රිංගීමට කලියෙන් ඔබට සුළු මොහොතකින් එළියට යාමට සිදුවෙන බව මතක තබාගෙන ඔටුවන් සමග කූඩාරම් ගත වෙන්න සිද්ධ වෙනවා. ඒ බව අනාවබෝධයෙන් සිදු වන්නේ ඔවුන් අපට පුදදෙන සහෝදර බැති පෙමට අන්ධ වී ඔබ ආ ගිය තැන් උන් හිටි තැන් අමතක වීම නැතහොත් ෆර්දාවට යටවී වහල් සේවයේ යෙදීමය.

 මේ කෲර ෆර්දාවල් ඔටුවන්ගේ ියම ප්‍රතිපත්ති ඉදිරියට රැගෙන යන කෲරත්වයෙන් සැහැසි කාන්තාරයේ  බාදුරා මල් කිව්වොතින් මම වැරදි නැහැ. ඔටුවන් සමග මේ සහරාවට සිහින පොදි බැඳගෙන මිරිගු සොයා අහසේ පියාඹනවා ට වැඩිය හරාකිරි ක්‍රමයට බඩ කපාගෙන මිය යෑම යෙහෙකි යැයි මට සිතෙන්නේ.

9 comments:

  1. ඔටුවන් සමග කූඩාරම් ගතව ඇති කොච්චියා ද ඔබ තරමටම මේ ගැන දන්නේය.
    හැඟීම් විරහිත මේ ඔටුවෝ තරම් රඟපෑමේ සුරුවෝ ලෝ තලයේ අන් කිසිම තැනක දක්නට ලැබෙන්නේ නැතිය.
    කාලයකට පසු ආපහු බ්ලොග් ලියන්නට ආවාට කොච්චියා ගේ හද පිරි මෙව්වා එක ඔබට ඇත්තේය ....

    ReplyDelete
  2. අටං සෑර්ගෙ බෝඩ් ලෑල්ල දැකල ආවේ.
    ඔටු කිරි දීල සිංහයො, අලියො, ජිරාප්ල ඔක්කොම යාලු කොරගෙන ඉන්න හන්ද අපටත් සද්දේ වහල රටඉඳි ගෙඩියක් කාල ඉන්න එක තමයි තියෙන්නේ.
    බඩ කපාගන්ඩ එපා. පව්!
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට ආවට තුති වේවා. අපිට රට ඉදි කන්න වෙන්නේ නැ. ඔටුවන් කන දිහා බලන් ඉන්න තමයි වෙන්නේ.

      Delete
  3. හම්මෝ......ඒ.........ක
    අටම ෙපන්නුවෙ පාර

    ReplyDelete
    Replies
    1. ඔබට බොහෝමත් ස්තූතියි.

      Delete
  4. ඔබට බොහොම ස්තුතියි.

    ReplyDelete
  5. අර්ථවත් ....

    වින්දෙමි

    ReplyDelete