2018/03/14

ගර්භාෂයක මළගම



මිනිසෙකුගේ ශිෂ්ණයට රහත් බව ලබන්නට

සක්මන් මලුව තුල මළ කොපුවකිය මා

රසය විතරක් සොයන ඉඳුරන්ම පිනවනා
තමන්ගේ එපා කම් නො ඉතින් මුණිවත ම රකිමිනා
ඔවුනොවුන් උමතුවෙන් දෙපා යුග යදම් ලා
  
ආශාවෙ මොනර පිල් යෝනි තුල විහිදනා

"ඒව"ගේ සාපයෙන් විලිරුදා ඉතින් ලද 
අප සදා
නව මසින් බීජ හද ගැබ්බරින් 
මුද හලා. 
වැදෑමහ අඬන කළ කිරි කඳුළු 
ඉස ඉසා
ලොවට දුන් ලේ ධාතු යෙහෙන් අද 
වැජඹෙනා
තව තවත් මොනර පිල් විහිදවයි 
සැර දමා..

ඇයිද නොම විමසන්නෙ විඩා නොමැතිද  දයා
දැන් ඉතින් නොඇසුවත් මෙයයි ලොව දම සදා

ගර්භාෂ බිත්තියේ ඉරුනු තැන් ලොකු වැඩිය නොම කමා

වැදූ ගෙයි බිත්ති මත පෙකිනිවැල ගෙල ලලා
ගර්භාෂෙ මළගම් ගියා වැදාමහ සමගිනා.....


2018/02/12

මිරිඟු කිරිල්ලියො (නිසොල්ලාස) - 1

මිරිඟු කිරිල්ලි ගැන මම ලියන්න හිතුවේ ගොඩක් කල් ඉඳලා. ඇත්තටම මිරිඟු කිරිල්ලී කියන්නේ එක කිරිල්ලි යකුට නෙමේ කිරිල්ලියන් ගොඩක් ගැන තමයි මගේ ලියන්න බලාපොරොත්තුව. ඇත්තටම මේවා සත්‍යයේ නිසොල්ලාස. මෙම නිසොල්ලාස තුළ ජීවත් වන්නේ අපේම සහෝදරියන් පිරිසක්. මේ චරිත හැමෝම දකිනවා වෙන්න පුළුවන්,හැමෝටම පේනවා වෙන්න පුළුවන්, නමුත් කවුරුත් කතා කරන්න අකමැති, කවුරුත් එළිය දෙන්නට අකමැති මේ කිරිල්ලියන් මුළු ලෝකෙට කියා පානා මුසාවන්ට වඩා වෙනස් විශ්මයජනක චරිත මාලාවකි. මේ මගේ ජීවිතයේ ලැබුණු අපූරු අත්දැකීම් ඔබ හා බෙද ගැනීමේ පළමු පියවරයි. ඔබ නොදකින ඔබට සිතන්නටවත් බැරි මිරිඟු කිරිල්ලියන්ගේ සත්‍යයේ නිසොල්ලාස ගැහැනියගේ හදවතින් දකින්න විදින්න.



සමන්ති
   
මට සමන්ති ව හම්බවුනේ මම මගේ රැකියාව කරන්නට මේ ඔටු කටට වැටී අවුරුද්දක් විතර ගත වුනාට පසුවයි. ඇත්තටම මා මෙය ජීවිතයේ කිසිම දවසක හීනෙකින්වත් නොපැතූ රැකියාවක් නමුත් මට අරුම පුදුම අත්දැකීම් කොටසක් සමන්ති ගෙන් පසුව ලබාගැනීමට හැකිවිය.සමන්ති කියන්නේ හරිම සුන්දර තරුණියක්, ඇය තුළින් ස්ත්‍රි ලාලිත්‍යය කඩා හැලෙනවා යැයි කිව්වොත් මම නිවැරදියි. 

එක් දිනක් මට දුරකථන පණිවිඩයක් ලැබුණා මාගේ සැමියාගේ දුරින් මාමා  කෙනෙකුගෙන්, ඒ ඇමතුම සඳහන් වුණේ Al Ain නගරයේ තරුණ ගැහැණු ළමයෙක් සිටින බවත් එයාගේ හාම්පුතාගෙන් ඇයව release කර වෙනත් තැනකට මාරු කර දෙන ලෙසත් ඇය ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන ලෙසත් මේ වනවිට අවුරුදු  හතක කාලයක් එකම තැනක ගෘහ සේවිකාවක් වශයෙන් සේවය කරන බවත් පවසමිනි. ඒ සමඟම ඔහු විසින්සමන්තිගේ දුරකතන අංකයද මට ලබා දෙන ලදී.
මා දුරකථන අංකයට අනුව සමන්තිට දුරකථන ඇමතුමක් ලබා ගතිමි. ඉතාම අහිංසක සුන්දර කටහඬකින් ඇය මා අමතා ඇයගේ කරදර සියල්ල ද මාහට පවසා ඉක්මනින් මාරුවීම කර ගැනීමට අවශ්‍ය බව පවසා සිටියේය. ඒ සමගම ක්‍රියාත්මක වුණ මම ඇය ඇයගේ මෙම රටේ ස්වාමියාට කතාකර ඇයව ගෙන ඒමට තැනක් හා දිනයක් නියම කර ගතිමි. පසුවත් යොදාගත් දිනයට අනුව මා හට සමන්ති මුණ ගැසුණි.

ඇය පොලොන්නරුවේ. මාගේ හිතට නැගු පැනයකට මා විමසා සිටියේ අවුරුදු 7 ක කාලයක් කුමක් සඳහා එක දිගට වැඩ කලාද යන්නයි ඇය පවසා සිටියේ ඇයගේ ස්වාමි පුරුෂයා පාතාල කල්ලි වලට සම්බන්ධ ඉතාම දරුණු ලෙස පහර දෙන පුරුෂයකු බවයි. ඔහු ගෙන් බේරීම සඳහා ඔහුව බොහෝ සේ එපාවී මෙරටට පැමිණි බවත් නැවතත් ලංකාවට යාමට කිසිම බලාපොරොත්තුවක් නොමැතිබව පැවසූවද ඇයට හොඳ රැකියාවල් හොඳ පවුල් පසුබිමක් තියෙන සහෝදර සහෝදරියන් සිටින බවත් මා හා මහත් සතුටින් පවසා සිටියා..ය.

කෙසේ හෝ මාගේ රාජකාරියට අනුව මා සමන්තිට මුලින්ම සොයා දුන්නේ අප පවුලේ  හිතවතකු වන සුහේල් නැමැති පොලිසියේ ඉතා උසස් තානාන්තරයක් දරණ පුද්ගලයාගේ ගෘහ සේවිකාව ලෙසය. මන්ද මා හට සමන්තිගේ ආරක්ෂාව ඉතා වැදගත් බව ඉවෙන් මෙන් වැටහී ගිය නිසාය.
දෙදිනක්  යාමට මත්තෙන් මගේ මිතුරා සුහේල්ගේ බිරිඳ විසින් අධික දුරකතන පාවිච්චිය ගැන චෝදනා කර සමන්ති මා හට නැවත භාර දෙන ලදී. නැවත මාගේ කාර්යය වූයේ සමන්තිට ගෙවීමය. මා විමසා බැලූ විට සමන්ති කියා සිටියේ සුහේල් හා බිරිඳ බොරු චෝදනා නගන බවත්ය.. මාද එය විශ්වාස කළ අතර කිමද මා ඉදිරියේ කිසිම විටත් ඇයගේ දුරකතනය භාවිතය තිබුණේ නැත.

කෙසේ හෝ දෙවැනි තැන වූයේ අපගේම sponsor ගේ ගෙදර. සති තුනක කාලයක් සේවය කරන අතර දිනපතාම වාගේ මා හට දුරකථන ඇමතුම් ලබාදී බොහෝ සේ කරදර කරමින්, එම ගෙදර කෑම මදි පාඩු බවත් එම sponsor සමන්තිගේ පසු පෙදෙස අතගෑව බවත් මාහට පවසා සිටියා... සමන්තිගේ මෙය නො නවත්නා දුරකථන ඇමතුම් නිසා මා අධික මානසික පීඩාවකට පත් වුණු අතර මා හට රෝහල් ගත වීමට ද සිදුවුණා. කෙසේ හෝ මසක් යෑමට මත්තෙන් ඔවුන් විසින් සමන්ති නැවත මා හට භාර දුන්නා.

නැවත ඈ හට රැකියා ස්ථානයක් සෙවීමට ප්‍රථම මා හට සමන්ති ගේ ක්‍රියාකලාපය පිළිබඳව සැක බොහෝමයක් පහළ වෙමින් තිබිණ . ඔවුන්ගේ සුරක්ෂා නිවස තිබුණේ මගේ කාර්යාලයට අනිත් පැත්තේ බැවින් එතනට ළඟා වීමට මා හට බොහෝම සුළු වෙලාවක් ගත වෙන නිසා ඉමහත් පහසුවකි. ආයතනයට නැවත පැමිණෙන ගෘහ සේවිකාවන්ගෙන් දුරකථන ලබා ගැනීම සියලුම ආයතන වල ්‍රතිපත්තියකි. ඔවුනට තම ගෙවල්වලට කතා කිරීමට අවශ්‍ය සැම විටම දුරකථන නැවත ලබා දීමටත්. දුරකතන ඇමතුමක් පිටතින් පැමිණියහොත් එය ලබා දීමටත් නිතරම අප යුහුසුළු උනෙමු. දැන් ඉතින් මා දන්නා තරමින් සමන්තිගේ ඇති කිසියම් දුරකථනයක් තිබුණේ නැත ඇය මට පවසන නොයෙකුත් සුන්දර කතන්දර එකෙන් එක පටහැනි බව මට තේරුම් යන්නට වැඩි වෙලාවක් ගත වුනේ නෑ. සමන්ති නිතරම සුරක්ෂා නිවසේ රැඳී සිටීමට ප්‍රියකරන බව මට ඉවෙන් මෙන් වැටහුනි. මාගේ සැකය වඩාත් නිවැරදි කරගැනීමට මම කාටත් හොරා සුරක්ෂා නිවසට හිමින් හිමින් ගොඩ වැදුනෙමි. එවිට සමන්ති එකට එක් අතකින් දොර අල්ලාගෙන අනිත් අතින් තවත් දුරකතනයක් පාවිච්චි කරමින් කතා කරනවා මා දුටුවෙමි. හැබැයි සමන්තිට ඒ වෙනවිටත් ප්‍රේමවන්තයෙක් සිටින බව මම දැන සිටි අතර ඒ පුද්ගලයා මා අත ඇති සමන්තිගේ දුරකථනයට නිතර කතා කරන බැවින් මාගේ සැකය දෙගුණ තෙගුණ විය. විගසින් එම දුරකථනය අතට ගත් සැනින් මගේ සැමියාට වහා එය භාර දී මෙහි සියල්ල සොයා බලන්නයි පවසා මගේ දෛනික වැඩ කටයුතු වල යෙදුනෙමි. ඒ වෙන විට ඔහු විසින්, නොයෙකුත් නම්වලින් විවිධ පුද්ගලයින් හා සමන්ති කතා කරන බවත් , ඔවුන්ට වෙනත් නම්වලින් පෙනී සිටින බවත් අපට හෙළි කර ගන්නට හැකිවිය කෙසේ හෝ සමන්තිට තදින් අවවාද කර නැවත ගෙදරකට භාරදීමට උත්සුක වන්නට ම තීරණය කළෙමි.. ඇයගෙන් මා ඇසුවේ ලංකාවට නොයන්නේ මන්දැ යි කියාය. ලංකාවේ ඇයට කිසිම අවශ්‍යතාවයක් නැති බවත් මුදල් සොයාගැනීමට අවශ්‍ය බවත්ය. 
මට මුලින් කියන්නට අමතක වූ යම් දෙයක් නැවත මට මතක් කරන්නට සිදු වෙනවා... ඔය අතරේ මා ඉහත සඳහන් කළ අපගේ sponsor වූ ඊබ්‍රහිම්ගේ ගෙදරින් සමන්ති තානාපති කාර්යාලයට පැනගොස්, තානාපති කාර්යාලයෙන් අපට කතාකර සෙව්වන්දි නැමැත්තෙකු තානාපති කාර්යාලයට පැමිණ සිටින බවත් සෙව්වන්දිගේ අයියා කතා කර ඇය ගැන නිතර විමසන බවත් පැවසුවේය. අපගේ ආයතනය නමින් කිසිදු සෙව්වන්දියක නමැත්තෙකු සේවයට නොගිය බවත් බවත් දැනුම් දුන් නමුත් කෙසේ හෝ එය නිරාකරණය කර ගැනීමට තානාපති කාර්යාල පැමිණෙන ලෙස ඔවුහු අපට දැනුම් දුන්නෝය. ඒ සමගම අප තානාපති කාර්යාලය බලා පිටත්වූ අප හට එහිදී මුණ ගැසුනේ සෙව්වන්දියක නොව සමන්තියකය. ඒ දුටු මා හට මෙන්ම විස්තරය දැන ගත් පසු අදාල නිලධාරිනියටද හතර හිනා පහළ වූ අතර ඈගේ දැඩි අවවාද යටතේ සමන්තී නැවත මා සමගින් ආවේ තවත් රැකියා ස්ථානයක් සොයා දෙන මෙන් ඉල්ලමිනි..
 එය සමන්තිගේ දෙවෙනි ගමන පිළිබඳ විස්තරයයි.

දැන් තෙවෙනි ගමන,

මේ වන විටත් කොතෙකුත් අවවාද දුන්නත් නා නා ප්‍රකාර පිරිමින් සමග දුරකථන සංවාද  දිගටම පවත්වාගෙන යන සමන්තිට අප දන්න සිංහලෙන් නැවත නැවතත් අවවාද කර මේ රටේ රාජකීය පවුලේ ඥාතියකුගේ ගෙදරට තෙවෙනි ගමන පිටත් කරන්නට සිදුවිය. ඔවුන් නිතරම විදේශ සංචාර යන නිසාම ඈ හට එම නිවසේ භාරකාරත්වය හිමිවිය. ඔවුන් රාජකීයයන් වූ නිසා ආරක්ෂාව ඉතා දැඩි බවත් සේවිකාව ඉතා අවංක විය යුතු බවත් මුලදීම මාහට පැවසුවෝය.ඉහත තත්වයන් ගැන සමන්තිව දැනුවත් කළ මා ඈ හට එහි රැකියාව ස්ථිර කර දුන්නේ එතැනවත් නිසි ලෙස රැකියාව කරගෙන ඉන්නා ලෙස පවසමිනි.

ඉතින් මාස කිහිපයක නිහැඬියාවකින් පසු
 අපට දුරකතන ඇමතුමක් ලබාදුන් සමන්ති පැවසූයේ එම නිවෙස ඉතා යහපත් බවත් හොඳින් පඩි ගෙවන ආ බවත් ඇය ඉතා සතුටින් සේවය කරන කරන අතර මසකට වරක් නිවාඩුවක් ද හිමිවන බව මහත් ප්‍රීතියෙන් පවසා අපගේ සුවදුක්ද විමසා දුරකථනය විසන්ධි කරන ලදී. මා හට ද කියා ගන්නට බැරි සතුටක් ඇති වූවා යැයි කිවහොත් නිවැරදියි.

මෙසේ සති දෙකක් තුනක් ගතවී දිනක් අප වැඩ නිමවී රාත්‍රී ආහාර ගැනීමට හිද ගත් සැණින් ඉහත කී රාජකීයන් විසින් මා හට දුරකථන ඇමතුමක් ලබාදී එවලේම සමන්තිව භාරගන්නා ලෙසත් එක මොහොතක්වත් ඔවුන්ගේ නිවසේ තබාගැනීමට නොහැකි බවත් ඇය විසින් රත්තරන් සොරකමක් කර ඇති බවත් ඇය හාවෙකු හොරකම් කර ඇති බවත් පවසා මාගෙ නිවස අසලට ඔවුන් දැන් පැමිණෙන බව දැන් වූ හෙයින් රාත්‍රී කෑම අතර මග නවතා මමත් මාගේ ස්වාමි පුරුෂයාත් තවත් මිතුරකුත් අපගේ නිවස අසලට ළඟා වූයෙමු. . අප එහි යන විටත් ඔවුන් එතැනට පැමිණ සිටි අතර සමන්ති වාහනේ බොහෝම සනීපයෙන් ඇඳගෙන ඉන්නවා මා හට දකින්නට පුළුවන් විය. 

මගේ ඊළඟ පැනය වූයේ රාජකීය පවුලේ අයගෙන් මැය රත්තරන් සාවකු සොරකම් කර ඇති බව ය. මා කල්පනා කෙරුවේ දැන් මේ ගැටයෙන් සමන්ති ව බේර ගන්නෙ කෙසේද කියාය. මුලින්ම මා අසා සිටියෙ ඇය රත්තරන් සාවෙකු සොරකම් කර ඇද්ද කියාය. එවිට ඔවුන් පවසා සිටියේ නැත ඇය සොරකම් කර ඇත්තේ පන තියන සහ හාවෙකු සහ රත්තරන් බඩු බවත්ය. එවිට වෙලාව රාත්‍රි 12 ට කිට්ටු වී ඇති නිසා ඔවුන් සමන්ති ව මට භාර දී පසුවදා කතාකිරීමට පැමිණෙන බව පවසා පිටත් විය. නමුත් අප සියල්ලම ඉතාමත් බඩගින්නෙන් සිටි නිසා ආහාර ගැනීමට එළියට යෑමට නැවත සිතූ මුත් කඩ වසා තිබූ බැවින් juice එකක් පමණක් අරගෙන සමන්ති සමඟ කතාබහක යෙදුණෙමි. ඒ අතර තුර මා ඇගේ දුරකථනය මා අතට පත් කරගෙන තිබූ බැවින් ඇය මට කියා සිටියේ ඇගේ පෙම්වතා වූ සුදත් කෝල් එකක් ගැනීමට අවශ්‍ය බවත් කරුණාකර ලබාදෙන ලෙසත්ය. මා ඒ මොහොතේ පවසා සිටියේ සමන්ති දැන් කරුණාකර නිශ්ශබ්දව සිටින ලෙසත් සුදා උදෑසන අවශ්‍ය කරන දේවල් මා සලසා දෙන්නම් කියාත් අපි නැවත අපගේ නිවසට ලඟා වූයෙමු. අප මිතුරාද අපව ඇරලවා පිටත් වූයෙන්, ඉදිරිපසින් මාත් දෙවනුව මාගේ ස්වාමි පුරුෂයාත් අන්තිමට සමන්තිත් මහල් නිවාසයට යාම සඳහා පිටත් විය. ගොඩනැගිල්ලේ ප්‍රධාන පිවිසුමට ලංවෙත්ම මා හට එක සැණින් කියවුණේ "කෝ සමන්ති? " කියාය. එවිට ම ක්‍රියාත්මක වූ මාගේ ස්වාමි පුරුෂයා නැවත පිටිපස්සට දුවන්නට පටන් ගත් අතර මා හටද සමන්ති දුවන බොරලු තෙරපෙන සද්දය හොඳින් ඇසෙන්නට වුණා. ඔහු එක පැත්තෙනුත් මා අනිත් පැත්තෙනුත් දුවන්නට වූ අතර මා හට ඔවුන් දෙදෙනාව නොපෙනෙන මුත් ඔවුන්ගේ ශබ්දයන් මට ඇසෙන්නට පටන් ගත් සැනින් අපගේ මිතුරාට ක්ෂණික ඇමතුමක් දුන්නේ නැවත වාහනය හරවාගෙන අපගේ නිවස වෙත පැමිණෙන ලෙසය. ඉක්මනින්ම අප මිතුරා එහි ළඟාවූ අතර මා රථය තුලට නගිනවාත් සමගම මාගේ ස්වාමි පුරුෂයා විසින් මා හට දුරකථන ඇමතුමක් ලබාදී පැවසුවේ සමන්තිව හොයා ගත් බවය. ඒ අනුව සමන්ති සිටිය තැනට අප විගස යනවිට එතැන තවත් මේ රටේ ජාතිකයන් දෙදෙනෙකු සිටි අතර ඔවුන් පොලිසියේ සේවාව කරන පුද්ගලයින් දෙදෙනකු බව දැනගන්නට ලැබුණි.  ඔවුන්ගේ සහයෝගයෙන් තාප්පයක් උඩ නැග සිටි සමන්තිව සොයා ගත් බව මා හට පවසන ලදී.

ඒ වන විටත් රාත්‍රී 1.30 පසුවී ඇති නිසංසල පරිසරයක සමන්තිගේ  ඝෝෂාකාරී කලබලය පමණක් අපට ඉතුරු විය. අවට සිටියවුන් හට මගේ හැඳුණුම්පත පෙන්වා නැවත සමන්ති ව අපගේ නිවසට බොහෝම අපහසුවෙන් ගෙන්වාගෙන මාගේ ඇඳුමක් ද ලබා දී අපගේ කාමරයේම නිදා ගන්නට සැලැස්වූවෙමි. මන්දයත් ඒ වන විට අප දෙදෙනා සිටියේ ඒ දිනවල අප සිටියේ එක් කාමරයක් සාලයක් හා කුස්සියක් සහිත තට්ටු නිවාසයක ය. කෙසේ හෝ අපගේ ගමන් මලු මුදල් පසුම්බි සියලු දේම සාලයට දමා කාමරය දොරේ යතුරද කොට්ටෙ යට තියාගෙන මගේ සැමියා අධික වෙහෙස නිසා ඉක්මනින් නින්දකට වැටුණු මුත්, මා ඒ වනවිට අසනීපව සිටින බව ඉහත සඳහන් කළා ඔබට මතක ඇති, නින්ද යන්නට නම් මට බෙහෙත් බීමට සිදු වූ වන නිසා එදින මාගේ බෙහෙත් වේල මඟ හැරීම හේතුවෙන් මගේ නින්ද නම් අහලකටවත් ආවේ නැත. ඒ අතර තුර මා සමන්තිගෙ හැසිරීම නිරීක්ෂණය කරමින් නිදි ආකාරයට වැතිරී සිටියෙමි.. ටික වෙලාවක් ගත වීමෙන් පසු එක්වරම සමන්ති නැගිට අපේ ඇඳේ මගේ සැමියා නිදා උන් පැත්තට පැමිණෙනු දැක කෑගසා සමන්ති මොකක්ද කරන්නේ කියා මා කෑගැසූ බැවින් මගේ ස්වාමි පුරුෂයා ද උඩ ගිහින් බිම වැටී ඇහැරුණු බව මතක් වෙද්දී මට තවම හිනාය. ඇය මා හට පවසා සිටියේ ටොයිලට් එකට යාමට යන බවය. ඒ කාමරයට තිබූ attached bathroom එක තිබුණේ ඈ නිදා උන් තැනට යාබදව මිස අපේ ඇඳ පැත්තේ නොවේය. අපේ ගෙදර සමන්තිට හොඳින් පුරුදු බව මා ඔබට ඉහත සඳහන් කර ඇති අන්දමින් එය පට්ටපල් බොරුවක් බව මා තේරුම්ගෙන කරුණාකර කරදර නොකර නිදාගන්න යැයි පවසා නැවත නින්දට ගියමුත් මා හට නම් නින්ද අහලකට වත් පැමිණියේ නැත.පැහැදිලි ලෙසම ඇය උත්සාහ කලේ මගේ සැමියාගේ කොට්ටය යට ඇති යතුර රැගෙන ගෙදරින් පලා යාමටය.

කෙසේ හෝ පහුවදා සිකුරාදා දිනයක් බැවින් එදා බොහොම හොදින් සමන්ති අපේ ගෙදර ගතකල අතර සෙනසුරාදා උදේ පාන්දරින් මා හට ඉහත කී පිරිස විසින් දුරකතන ඇමතුමක් ලබාදී ඔවුන් දැන් අප වෙත එන බවත් ඇය රත්තරන් බඩු විශාල තොගයක් සොරකම් කර ඇති බවත් තවද රත්තරන් බඩු මිලදී ගෙන ඇති බවත් ඇයගේ දුරකථනය පරික්ෂා කිරීමට වශ්‍ය බවත් පැවසූ හෙයින් මගේ ඉහමොළ දැවී ගෙන එන බව පසක් වන්නට ගතවූයේ නිමේෂයකි.

දැන් ඉතින් සමන්තිගේ අවසානය බව මට දැනෙන්නට විය. කිමද මොවුන් රාජකීයයන් වීමත් ඇය මේ සහ රත්තරන් සොරකම් කිරීමත් නිසා අනිවාරයෙන් පොලිසියට යන්න වෙන බව වැටහුණි.  සමන්තිගෙන් දුරකථනයෙ මොනවද තියෙන්නේ යැයි ඇසු විට ඇගේ password එක අමතක බවත් එම නිසා දුරකථනය පාවිච්චි කිරීමට නොහැකි බවත් මාහට පවසා සිටි නමුත් ඒ පිලිතුර බලාපොරොත්තුවෙන් උන් මා ඈට ඊට විසඳුමක්ද දෙමින් කීවේ සිම් එක වෙන ෆෝන් එකකට දාමු වෙන කරන්න දෙයක් නෑ කියාය. 

එවිට සමන්ති මට කතාකර ...

"මම පාස්වර්ඩ් එක දෙන්නම් හැබැයි ඒමැඩම් , හැබැයි සර්ට පෙන්නන්න නම් එපා"
දුරකථනයේ ගැලරිය පුරාවටම තිබුණේ ඇගේ නග්න සිරුරේ විවිධ කොටස් හි පින්තූර රාශියකි. ඇගේ රහස් පෙදෙස් ඈ පෙම්වතුන්ට යවා තිබූ අතර පෙම්වතුන් ඔවුන්ගේ ඒවා ඈටද නොඅඩුව එවා තිබ්බේය. මා හට තරු පේන්න පටන් ගත්තේ ඒ වෙලාවේය. තවදුරටත් ෆෝන් එකේ තිබ්බ පින්තූර බැලීමට පුළුවන් මානසික මට්ටමක් අසනීප තත්ත්වය හේතුවෙන් මටනම් නොවීය.
ඇගේ අකමැත්ත මත වුවත් මගේ සැමියාට දුරකථනය දී ඒ තිබූ නිරුවත් පින්තූර සියල්ලම හැකි ඉක්මනින් වෙනත් දුරකථනයකට මාරු කරන ලදී. මේ සියල්ල කළේ සමන්තී තවදුරටත් අමාරුවේ වැටීමට වලක්වා ගැනීමේ චේතනාවෙන්. සමහර පින්තූර, පුද්ගලයින්ට පෙන්නුව හැකි මට්ටමේ ඒවා අප ඉතුරු කළේ ඔවුන් මෝඩයන් නොවන බව දන්නා නිසයි.
ඒ ජෝඩුව පැමිණීමත් සමඟම දිගටම සමන්ති සොරකම් කරන ලද රත්තරන් බඩු සහ ටෙලිෆෝන් කාඩ් මිටි පෙම්වතාට අරන් දී ඇති රත්තරන් මාල,බ්‍රේස්ලට් හා දුරකථනයේ detail bill පින්තූර පවා ඔවුන් අප හට පෙන්වන ලදී. බඩුත් එක්කම හොරු මාට්ටු වෙච්ච ඒ වෙලාවේ මා සමන්තිට කියා සිටියේ වැඳලා හරි සමාව ඉල්ලගන්න නැත්තං ඉතිං හිරේ තමයි කියලායි.. අතිශයින්ම වැදගත් මහත්මා ගතිගුණ ඇති යුවළක් වශයෙන් ඔවුන් සිය නම කැත කර ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බැවින් යව නැවත මටම භාර දී රත්තරන් බඩු සියල්ලම සඟවා ඇති තැන්වලින් දුරකථන මාර්ගයෙන් එතැන සිටම සොයා ගෙන පිටත්ව ගියෝය. ඈ සම්බන්ධව කළ යුතු දේ ගැන තීරණය කිරීම මට පැවරූ හෙයින් ඒ ගැන පසු දින තානාපති කාර්යාලයේ උපදෙස් පැතීමට සිතාගත්තෙමි.

පසුදින උදෑසනින් අවදි වූ අප සමන්තිි ගේ යහපත් හැසිරීම දුටු නිසා ඇය  යථා තත්ත්වයට පත් වී ඇතැයි සිතා රැකියාවට පිටත්ව ගියේ එම්බසියටත් යාමට සිතා ගෙනමය.. රැකියාවට ගොස් පැයක් යන්නට මත්තෙන් අපගේ තට්ටු නිවාස යට මහලේ ඇති laundry එකෙන් පනිවිඩයක් ආවේ හැකි ඉක්මනින් පැමිණෙන ලෙසත් අප නිවසේ කිසිවෙකු අමාරුවකින් කෑගසන බවත් ය. එසැනින් නැවතත් නිවෙසට ගිය අපට දැක ගන්නට හැකි වූයේ වමනය දමන මෙන් සිටින සමන්තිි.ගේ වටා රවුමක් කැරකුණු මට දැක ගන්නට හැකි වූයේ සමන්තිගේ සෙරෙප්පු තිබ්බ තැන නොතිබූ බව ය. ඒත් සමගම මාගේ ස්වාමියා හට දොර යම්කිසි අයුරකින් හාරා ඇති බව දැනගන්නට ලැබූ නිසා කුස්සියට ගොස් අපගේ පිහි පරීක්ෂා කරන්නට යෙදුණු විට ලී කුඩු ඇති බව පවසා සමන්තිගේන් විමසූ විට ඇය පවසා සිටි ඇය අත කපා ගත් බවය. මාගේ සැමියා විමසා සිටියේ අත ලී කොටයක් ද යන්නය. ඇගේ සෙරෙප්පු පසුව ගොඩනැගිල්ලෙන් පහල තිබී හම්බ විය..

 කෙසේ හෝ වේවා ඊට පෙර දින ඇගෙන් කියවුණු තොරතුරු වලට අනුව මා හට ඇය ගැබ්ගෙන ඇතිදැයි සැකයක් පහළ වී ඒ සඳහා පාමසියෙන් පරික්ෂා පටයක් ගෙන්වාගන. උදේ පාන්දර මුත්‍රා පරීක්ෂණ කර බැලූ මුත් ඒ පරීක්ෂණයට අනුව ඇය ගැබ් ගෙන තිබුණේ නැත. නමුත් ඇයගේ වමනය දැමීම සැකයට භාජනය වූ බැවින් ඒ ගැන වැඩිදුර විමසා සිටි පවසා සිටියේ මුත්‍රා වෙනුවට වතුර දැමූ බවය. 

දැන් ඉතිං මොන දෙයියන්ට කියන්නද. වහාම ක්‍රියාත්මක වූ අප ඇයවත් කැටුව තානාපති කාර්යාලයට යාමට ප්‍රථම ආදරනීය පෙම්වතා වෙත ඇමතුමක් ලබාදී විස්තර සියල්ල, ඔහුගේ නිරුවත් ඡායාරූප සහ දරුවා පිළිබඳ සියලුම දේ පැවසූ විට අනේ මට මොනවා හරි කරන්න මම නම් කසාද බැඳලා දැන් මොකද කරන්නෙ මං ඉන්නේ ගොඩක් දුර යැයි ඔහු පැවසූ විට. මට ඔහුගේ අම්මා අප්පා මතක් වූ නොවුණා යැයි සිතීමට නොහැක. ඔහුට හොඳවැයින් දෙකක් කතාකර අප යන්නට පිටත් වූ ගමන, එනම් තානාපති කාර්යාලයට පිය නැගුවේ හැකි ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු බව හොඳින් දන්නා නිසාය. කෙසේ හෝ සමන්තිට උවමනා වූයේ අපෙන්  පැන ගොස් මේ පුද්ගලයා සොයා යෑමට ය. 

කෙසේ හෝ තානාපති කාර්යාලයේ අදාළ නිලධාරිනිය වැඩිහිටි කාන්තාවක් සහ වෘත්තීය මට්ටමකින් අත්දැකීම් ඇති කෙනෙකුත් වූ බැවින්මෙ ම කාර්යය ඉතා පහසු විය. නැවතත් අර ශ්‍රී ලාංකීය අවලමාට  කතා කළ නිලධාරිනිය ද පවසා සිටියේ ඔහු ඇඟ බේරා ගන්නා බවය. ඒ වනවිට සමන්තිගේ අතේ අවුරුදු 7 හමාරක කාලයක් සේවා කර සත පහක මුදලක් නොමැති අතර අපි ඔහුට පවසා සිටියේ ඇය අරන් දුන් රන් මාලය හෝ ඇය වෙත ලබාදෙන ලෙසය . කෙසේ වෙතත් ආදරයෙන් අන්ධ වී උන්මාදයට පත් වී සිටී සමන්තිට ඒ වෙලාවෙවත් කිසිම දෙයක් තේරුම් ගැනීමට හැකි තත්ත්වයක සිටියා යයි කීමට අප කාටවත් පුළුවන් කමක් නැත. කාම රසය යන විස ගුලාවේ පැටලී සිටි ඇය නැවතත් ඒ රස සොයා යාමට පුදුම වෙහෙසක් දරන බව අපට අමුත්තක් නොවීය. 

ඉක්මනින් රාජකීය පවුලට කතා කළ අප සමන්ති ගැබ් ගෙන ඇති බවත් පොලිසිය ගොස් පුද්ගලයා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරනවා දැයි ඇසූවිට ඔහු පවසා සිටියේ ඔවුන්ගේ නමට මෙය ඉතා නරක බවත් ඉතා කැළලක් බවත් ඔවුන්ට මේ සම්බන්ධව කිසිවක් නොකළ හැකි බවත් කරුණාකර ඇයව ලංකාවට යන ලෙසත් ටිකට් පත පවා ඔවුන් ලබාදෙන බවත් අප හට පවසා සිටි නිසා අපටත් තානාපති කාර්යාලයේ සියල්ලන්ටත් මහත් අස්වැසිල්ලක් විය. කෙසේ හෝ එදින ම ඇය ලංකාවට යැවීමට අපට සිදුවිය. ඊට කලියෙන් සමන්තිගේ මස්සිනා කෙනකුගේ නොම්බරේ මා සතුව ඇති බැවින් මා එයට කතා කොට සියලු විස්තර ඔහුට පැවසූ අතර අහිංසක පිරිසක් වූ ඔවුන් පවසා සිටියේ කරුණාකර කුමක් හෝ කර ඇයව ලංකාවට එවන ලෙස ය.

රාජකීය පවුලේ අය අප සමඟ කතා කර 8.30 ට ගුවන් තොටුපොළේදී හමුවන්නට කතිකා කරගත් අතර 7.30 ට පමණ මා හට එම පවුලේ කාන්තාව විසින් කථාකොට ඇය ට බැලීමට හැකි එක පින්තූරයක් එවන ලෙස ඉල්ලා සිටියේය. තෝරා බලා සමන්ති නයිටියක් ඇඳ ඇගේ පෙම්වතා සමඟ හෝටල් කාමරයක් වැනි ඇඳක නිදා සිට ගන්නා ලද ඡායාරූපයක් මා ඇය වෙත යවන ලදී. 
මිනිත්තු පහකින් .......මෙන්න බොලේ ඒ නෝනා මහත්මියට බොහෝ බොහෝ කේන්ති ගොස් මාහට පවසා සිටියේ ඇය නිදා ගෙන සිටින්නේ ඔවුන්ගේ නිදන කාමරය බවත් ඇඳ සිටින්නේ ඇයගේ නයිටියක් බවත්ය. ඒ අවස්ථාවේ නිවසේ වූ සියලුම සීසීටීවී කැමරා සමන්ත විසන්ධිකර ඇති අතර හාවාද මරා කා ඇත්තේ පෙම්වතා හා සමගය. 

මේ සියලු කතා දැන ගැනීමෙන් පසුව ඇයව ලංකාවට නොවන ලෙස ඒ කාන්තාව මා ගෙන් ඉල්ලා සිටියේ ය. මා වසා සිටියේ ඇයගේ ස්වාමි පුරුෂයා සමඟ කතාකර අප විගස දැනුවත් කරන ලෙස ය. නමුත් සමන්තිගේ පෙර පිනක් නිසා රාජකීය පවුලේ ්‍රධානියා විසින් කියා සිටියේ 8.30 ගුවන් තොටුපොළේ දී හමු වන ලෙසය. නමුත් තවම සමන්තිට පැන යන්නට ඉඩක් ලැබෙනකන් ඇඟිලි ගණින බව අපට පෙනෙන්නට තිබිණි.. කෙසේ හෝ අධි ආරක්ෂාව යටතේ ගුවන් තොටුපොළට ගිය අප ඇගේ ඉතිරි කටයුතු නිමවන තෙක් සිටින විට මා අසලට පැමිණි සමන්ති කියා සිටියේ මැඩම් ම ප්‍රෙග්නන්ට් කියාය. මා ද කියා සිටියේ අනේ ඉතින් මොකක් කරන්නද ඔයා ඉතින් ගෙදර යන්න කියාය. එවේලේ සමන්තිට මාගේ අනුකම්පාව අතිශයින් අවශ්‍ය වූයේ ලංකාවට නොයා නොගොස් සුදත් මුණ ගැසීමය. කෙසේ හෝ සමන්ති ඉගිලී යන්නට ගියේය.

දැන් ඉතින් සියල්ල හමාරයි කියා අප දෙදෙනා ගෙදරට විත් ඇඟපත සෝදා ගැනීමට මා අමුත්තන් සඳහා වූ නානකාමරයට ගොඩ වූ කල දැකගන්නට ලැබුණේ සමන්ති දැල් කපා ජනේලයත් හානි කොට පැනයන්නට තැත්කර ඇති බවය . තවද ගේ වටා පරීක්ෂාකරන විට දක්නට තිබුණේ අපගේ නිදන රෙදි ඉරා ලණුවක් සදා තුන් වෙනි තට්ටුවෙන් පහළට බැසීමට කර තිබූ උත්සාහයයි.එදා අපට දුරකතනයෙන් අමතා වහා එන මෙන් කිවූ laundry වැඩ කළ බංගාලි ජාතිකයා මෙය දැක කෙනෙක් අසනීප යයි පවසා අප ගෙන්වා ඇත්තේ එම නිසා ය මේ සියල්ල ඔහු විසින් පවසන ලදී. මේ වනාහී ආදරය, රාගය ,චපලකම සහ මෝඩකම පටලවාගත් මිරිඟු කිරිල්ලියකගේ නිසොල්ලාසකි. 

තවත් කිරිල්ලියක සමඟ ඉක්මනින් පියාඹා එන්නම්.
 

2018/02/08

ඔටුවා සහ කූඩාරම




මම හැමදාමත් හිතෙනවා සහරාව වැහිල තියෙන්නේ ඔටුවන් ගෙන්ද ෆර්දාවෙන් ද කියලා.. ඇත්තට ම කියනවා නම් ඔටුවන් ගෙන් . මෙහෙ ඉන්න ඔටුවො පුදුම මැවිල්ලක්, මුහුණෙන් පේනවා අහිංසක...කාටවත්ම කරදරයක් නැති අති විශාල සත්ව කොට්ටාශයක් කියල. උන් හරිම හික්මීමකින් යුතුව තමයි ජීවත් වෙන්නේ.

උදේට ඇරියහම ඔවුන්ගේ කොටුවලින් කාන්තාර ගානේ ඇවිදලා අහුවෙන අහුවෙන කටු පඳුරු වල මල් කොළ සියල්ලම ආහාරයට ගෙන අඳුර වැටී ගෙන එද්දී තමන්ගේ කොටුව කරායන බොහොම හික්මීමක් ඇති සත්ත්ව කොට්ඨාශයක්.

මේ හික්මීම දෙවියන් වහන්සේගේ අපූර්වතම නිර්මාණයක් කියලා කියන්න පුළුවන්. හුදෙක්ම ඔවුන්ගේ මේ හික්මීම ඔවුන්ගේ ඇති නියම ස්වරූපය වසා දැම්මා කියලා හිතන්නත් පුළුවන් මේ හැම ඔටුවන්ට ම තමන්ගේම වෙච්ච පර්දාවෙන් වැහිච්ච ලස්සනට පිපුණු මල් පහක් හයක්ම තමන්ගේ කූඩාරම තුළ තියෙනවා කිව්වොත් නිවැරදි. ඒ මල් කූඩාරම් තුළම පිපිලා කූඩාරම් තුළම ඵල දරලා කූඩාරම් තුළම එකම ඔටුවෙකුට ජීවිතය පුද දීලා ලොවේ අප හැමටම හොරා මියැදිලා යනවා.

ඔටුවන් සහ ෆර්දාවෙන් වැසුණු මල් සියල්ලම එක්තරා විදිහක කෲරත්වය කින් පිරිලා තියෙන්නේ ඒ කෲරත්වය දකින්න මෙම ගිනිගෙන දැවෙන කතර පුරාවට ඔටුව පිටට නැගි ඔවුන්ගේ කූඩාරමක් තුලටම රිංගා බැලිය යුතුය. හැබැයි රිංගීමට කලියෙන් ඔබට සුළු මොහොතකින් එළියට යාමට සිදුවෙන බව මතක තබාගෙන ඔටුවන් සමග කූඩාරම් ගත වෙන්න සිද්ධ වෙනවා. ඒ බව අනාවබෝධයෙන් සිදු වන්නේ ඔවුන් අපට පුදදෙන සහෝදර බැති පෙමට අන්ධ වී ඔබ ආ ගිය තැන් උන් හිටි තැන් අමතක වීම නැතහොත් ෆර්දාවට යටවී වහල් සේවයේ යෙදීමය.

 මේ කෲර ෆර්දාවල් ඔටුවන්ගේ ියම ප්‍රතිපත්ති ඉදිරියට රැගෙන යන කෲරත්වයෙන් සැහැසි කාන්තාරයේ  බාදුරා මල් කිව්වොතින් මම වැරදි නැහැ. ඔටුවන් සමග මේ සහරාවට සිහින පොදි බැඳගෙන මිරිගු සොයා අහසේ පියාඹනවා ට වැඩිය හරාකිරි ක්‍රමයට බඩ කපාගෙන මිය යෑම යෙහෙකි යැයි මට සිතෙන්නේ.