2012/03/03

දික්කසාදය




මෙය අරුම පුදුම දෙයකි. සමාජය තුල විවාහ වෙනවා මෙන්ම දික්කසාදත් වැඩිවී ඇති බව නොරහසකි.ඈත අතීත්යේඅ මිනිසුන් විවාහ විය. තවත් සමහරු විවාහ සහතිකයක් නොමැතිව යහපත් පවුල් ජීවිතයක් ගත කර ඇති බව අප හොඳින් දන්නා කරුනකි.නමුත් කාලීනව සුන්දර ලෙස දිවයිනේ ඇති ලොකුම හෝටලයක මගුල් ගෙදර ගන්නා සිහිනය අතැතිව ඉන්නා අය අප්‍රමාණ නමුත් ඔවුන් තුල පවුල් ජීවිතයේ ඇති සියලුම ස්ංකල්ප තිබෙනවාද කියා මට සැකයක් පවතී.

අද සමාජය තුල පවුල් ජීවිත ගත කරන අය සොයා ගැනීම ඉතා අපහසු අතර පවුල් කන අය නම් සොයා ගැනීම ඉතා පහසුය.මීට පෙර මා ලිවූ ලිපියකට මට ප්‍රතිචාරයක් ලැබී තිබිනි. එහි අන්තර්ගතව තිබූ දෙය ගැන මට මෙහි ලියන්න සිතුනි. මන්ද එය මට මේ ලිපිය ලියන්නට පිටුවහලක් විය.(ප්‍රතිචාරය:”කසාදය වෙලෙඳ ගනුදෙනුවක් නම් පිරිමියාට හැමදාම අලාභයි”).
කසාදය වෙන්දේසියක් කරගන්නා පිරිමිද ගැහැනුද අප දැක තිබෙනවා නොඅනුමානයි.
උත්තරීතර සම්බන්ධය ඇති තැන නිතැතින්ම ගනුදෙනුවකි.
“ගනුදෙනු” කියන වචනයේ තියෙන ගැඹුර සැබවින්ම අර්ථවත්.එය විවාහය තුල ඇති පදනම කියා පානවා.එය හරි සියුම්.මන්ද විවාහය යනු ඔබට යමක් කරනවාට ඔබ කැමතිද ඒ දේම අනිකාට කරන්න(ගනු-දෙනූ.
විවාහයේ පදනම හා සාරය මෙය බවයි මට හැඝෙන්නේ.මා විවාහය වෙන්දේසියක් කියා පැවසුවේ පිරිමියා විසින් ගැහැනියට price tag එකක් අලවනවා. ගැහැනියත් එසේමයි. ඒ මිලට විවාහය තුලදී එකිනෙකාට ලන්සු තියනවා.උපරිම මිල හොයනවා එකිනෙකා තුල.පවුල් ජීවිතේ ස්ංකල්ප පලා යනවා.නූතන පවුල තුල පවතින තත්වයයි මේ.වෙන්දේසි පොලට ඇතුල් වෙන්න ගන්න අවසර පත තමයි විවාහ සහතිකය.අන්තිමට බැලුවම ඉතිරි වෙලා තියෙන්නේ දික්කසාද සහතිකය.
විවාහය තුල එකිනෙකාට ගරු කිරීම,තේරුම් ගැනීම,කැප කිරීම තිබෙනවාද කියා බැලිය යුතුයි.මිල දර්ශන ගලවා දමා ස්වාමියා භාර්යාව යන තැනට පැමින මා මගේ යුතුකම් ඉෂ්ට කලාද කියා බැලිය යුතුයි.
දික්කසාදය නම් තැනට පත්වූ සියල්ලෝම ගැන සලකා බලීමේදී එක් පාර්ශවයක් අතිශයින් පීඩාවට පත් වෙලා.මමත්වය ඉස්මතු වෙලා.මෙයට වග කිව යුත්තේ විවාහය නමැති බන්ධනයෙන් බැඳුනු ගැහැනිය හා පිරිමියායි.

2012/02/28

සංසාරෙන් මිදෙන තුරා




ඔබ දුටුව පළමු දින
බුලත් හුරුල්ලත් අතතැතිව පිය නැගුවේ
හෙළ සිරිතට……එදා දුටු ඔබේ නුවන්
ලියවුනා මගේ සිතේ
එ නුවන් පෙරහරින් සදානොවනස් වන ලෙසේ
බැදුනාය රන් හුයෙන්
කුලගෙදර අසිරිසර මා වටා රඟන විට
හිමියණි ඔබේ දෙපා නැමදුවේ සෙනෙහසින්
දසමසක් කුසදරා ඔබෙ දරුන් වැදු කල
නොදැනුනා වේදනා ඔබේ නෙතඟ දුටුව කල
මගේ දෙතනේ කිරි වලින් ඔබේ දරුන් රකින විට
දහඩියෙන් තෙත් වෙච්ච ඔබ ගෙදර වඩින විට
මගේ කුසගිනි නිවි ඔබේ බත බෙදෙනු ඇත.
අඟහිගත් තිබුන විට අපේ ගෙදර වැසෙන්නට
වෙනස් වෙන්නෙම නැ හිමියනේ මගෙ හද
දරුවනුත් දිග දි මිත්තනිය වෙලා අද
නොවෙනස්ව පෙනෙන්නෙ මට ඔබේ සොදුරු හද
දුකයි සැපතයි දෙකට මම ඔබේ ආදරිය
හැරමිටියේ වාරුවෙන් ඔබේ සුරතත් රෑගෙන
යන්නේ තව ටික දුරයි
වෙන්වෙන්න වෙනවමයි
මෙ භවේන් වෙන්වුනත් දුකක් නැ මගේ හිතට
නමදිමි ඔබේ දෙපා
සංසාරෙන් මිදෙන තුරාවට…….
මෙය මා ලියන විට මෙ යුවල වෙන් වෙලා වෙන්න පුලුවනි,මෙම ජායාරුව මා ගනිද්දි මාගේ සිත තදින් සසල විය. 

2012/02/27

සොදුරු ඇරයුම




ඔබ කිසිදා දැක නැති
කිසිදා අසා නැති
ගැහැණියකගේ හදවත තුල ඉපදි
හදවත තුලම මිය යන
රිද්මය, වේදනාව, සතුට, රාගය
අනුරාගය,විදිම්,විදවිම, හා
නොඉදුල් ආදරය හදුනාගැනිමට 
තවත් ගැහැණියකගේ ඇසින් දකින්නට 

ගැහැණියකගෙන් මෙලොවට ජනිත වු ඔබ සැමට 
කරන ඇරයුමයි ……………